ආසියානු කුසලානය අරඹමින් ලංකාව හා බංගලියන් අද සටනේ

2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වනවා.
ඒ ඩුබායි හීදියි.
තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අද තරගයට එක්වනවා.
මෙවර තරගාවලියට කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 6ක් එක්වන අතර ඊට ශ්‍රී ලංකාව / ඉන්දියාව / පකිස්ථානය / බංග්ලාදේශය ඇෆ්ගනිස්ථානය හා හොංකොං කණ්ඩායම් ඇතුලත්.
මේ යටතේ මූලික අදියරේදී කණ්ඩායමකට තරග 2ක් හිමිවන අතර ඉන්පසු සුපිරි 4 වටයේදී කණ්ඩායමකට තරග 3කට මුහුණදීමට සිදුවනවා.
ලබන 28 වනදා තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *