ආසියානු දැල්පන්දු කුසලානය ලංකාව දිනයි

2018 ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ සමත්වුණා. ඒ සිංගප්පූරුවේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 69-50 ලෙස පරාජයට පත් කරමිනුයි.

මෙරව තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන්නේද ශ්‍රී ලංකා කණ්ඩායමයි.