ඇන්ඩර්සන් වැඩිම ටෙස්ට් කඩුලු වාර්තාවක් බිදියි

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වේග පන්දු යවන්නා බවට බ්‍රිතාන්‍යයේ ජේම්ස් ඇන්ඩර්සන් ඊයේ පත්වුණා.
ඒ තරගයේ ඉන්දීය දෙවන ඉනිමේදී මොහොමඩ් ෂමීගේ කඩුල්ල දවාගනිමින්.
ඒ අනුව ටෙස්ට් කඩුලු 564 ක් ඇන්ඩර්සන් විසින් දවාගෙන ඇති අතර ඔහුට ඉදිරියෙන් පසුවන්නේ දග පන්දු යවන්නන් වන මුත්තයියා මුරලිදරන් (800) ෂේන් වෝන් (708 ) හා නිල් කුම්බ්ලේ (619)පමණයි.

මේ දක්වා ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ලාභී වේග පන්දු යවන්නා බවට ඔස්ටේ්‍රලියාවේ ග්ලේන් මැග්‍රාත් පත්ව සිටියා.ඔහු දවාගෙන ඇති ටෙස්ට් කඩුලු ගණන 563 ක්.

කර්ට්නි වොල්ෂ් කඩුලු 519 ක් කපිල් දේවි ටෙස්ට් කඩුලු 434 ක් හා ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් කඩුලු 433ක් දවාගෙන සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *