You are here
Home > ආසන්න-පුවත් > ඇලෝසියස්ගේ පෙත්සම විසි වෙයි

ඇලෝසියස්ගේ පෙත්සම විසි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස කටයුතු කිරීමට පර්පචුවල් ටේ‍රෂරීස්් සමාගමට ලබා දී තිබූ ව්‍යාපාරික බලපත්‍රය අහෝසි කිරීමට කර ඇති නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමකින් තොරවම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළා.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් බුවනෙක අලුවිහාරේ හා නලින් පෙරේරා යන විනිසුරු මඩුල්ලයි නියෝගය නිකුත් කළේ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේදී කරුණු දක්වමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම  ශ්‍රී ලාංකීය සමාගමක් නොවනා බැවින් එවැනි මූලික අයිතිවාසිකම් මගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බව පෙන්වා සහන ඉල්ලා සිටීමේ නීතිමය හැකියාවක් නොමැති බව සිිය මූලික විරෝධතාවය මගින් පෙන්වා දී තිබුණි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top