ඇලෝසියස්ගේ බැදුම්කර කුඩු කෑ ගජයන්ටත් දඩුවම් ස්ථිරයි

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනපතිවරයාට ලැබුණු පසු කඩිනමින් නඩු පැවරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවනවා.

ලබන දෙසැම්බර් 08 වෙනි දින කොමිසමේ අවසන් වාර්තාව ජනපතිවරයාට ලබා දීමට නියමිතයි.

දැනට කරන ලද විමර්ශනවල දී අර්ජුන් ඇලෝසියස් හා අර්ජුන් මහෙන්ද්‍රන් සමඟ දුරකථන සංවාද කළ මැති ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට විශේෂ වරප‍්‍රසාද ලබා දී ඇති බවයි අනාවරණවී ඇත්තේ.

සුඛෝපභෝගී මහල් නිවාස මෙන්ම විදේශීය සුරූපී තරුණියන්ගේ පහසද මේ අතරින් ඇතමුන්ට හිමිව ඇති බවයි පැවසෙන්නේ.

ඇතැම් මැති ඇමැතිවරුන්ව ඇලෝසියස් මහතාට අයත් මත්පැන් සමාගම්වල අලෙවි නියෝජිතයින් ලෙස ද පත්කර ඇති බව අනාවරණ තුල දැක්වෙනවා.

මේ වන විටත් හිටපු මුදල් ඇමති රවී කරුණානායක හා කෝප් කමිටුව නියෝජනය කළ සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, හර්ෂණ රාජකරුණා, දයාසිරි ජයසේකර, හෙක්ටර් අප්පුහාමි යන මැති ඇමතිවරුන් ඇලෝසියස් සමඟ දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට හෙළිවී තිඛෙනවා.

අගමැතිවරයා බැදුම්කර කොමිසමේ ලබා දුන් සාක්ෂිය අනුව රාජ්‍ය බැංකුවලට බැඳුම්කර අයදුමට උපදෙස් නොදුන් බවට කළ ප‍්‍රකාශයත් සමඟ රාජ්‍ය බැංකුවල සභාපතිවරුන්ටත් මේ පිළිබද චෝදනා එල්ලවන තත්ත්වයක් නිර්මාණයවී ඇති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *