ඇලෝසියස්ගේ සමාගමෙන් සල්ලිගත් බව දයාසිරි පිළිගනී

2015 පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී තමන් පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ සහෝදර සමාගමක් වන වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම ලබාදුන් රුපියල් ලක්ෂ 10ක චෙක් පතක් ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පිළිගෙන තිබෙනවා.
ඒ පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින්.
තමන් ඒ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම කෝප් කමිටු සාමාජිකයකුද නොවූ බවයි ඔහු මෙහිදී සදහන් කළේ.
එසේම තමා පමණක් නොව තමන් බොහෝ මන්ත්‍රීවරුන් අර්ජුන් ඇලෝසියස්ගෙන් දේශපාලන කටයුතු සදහා මුදල් ලබාගෙන ඇති බවත් ඔවුන්ගේ නම් හෙළිකිරීමට තමන් සූදානම් නොමැති බවත් දයාසිරි ජයසේකර මහතා සදහන් කර තිබෙනවා.
2015 වසරේ ජූලි 13 වනදා තමන්ට අදාළ චෙක්පත ලැබුණු බවත් ඔහු පිළිගෙන ඇති අතර එහි අර්ජුන් ඇලෝසියස් හෝ කවරකු විසින් අත්සන් තබා තිබුණේද යන්න මතකයේ නොමැති බවද සදහන් කළා.
මේ වන විට රජයෙන් ඉවත්වීම හේතුවෙන් රජය විසින් සැලසුම් සහගතව මච ප්‍රචාර දියත් කරන බවටයි ඔහු චෝදනා කර ඇත්තේ.