You are here
Home > ආසන්න-පුවත් > ඇලෝසියස්ගේ සමාගමේ සල්ලි යලි ගෙවන්න ලෑස්තියි / සුජීව කියයි

ඇලෝසියස්ගේ සමාගමේ සල්ලි යලි ගෙවන්න ලෑස්තියි / සුජීව කියයි

පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ සහෝදර සමාගමක් වන මෙන්ඩිස් සමාගමෙන් තම මැතිවරණ ව්‍යාපාර සඳහා ලබාදී තිබෙන රුපියල් ලක්ෂ 30ක මුදල නැවත ලබාදීමට තමන් සූදානම් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා.

මෙන්ඩිස් සමාගම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් බවට මුදල් දෙන අවස්ථාවේදී තමන් නොදන්නා බවත්, මැතිවරණ කාලවලදී හිතවතුන් හා ව්‍යාපාරිකයන් මුදල් ලබාදීම සාමාන්‍ය දෙයක් බවත් අමාත්‍යවරයා සදහන් කරනවා.

අදාළ චෙක්පත් ආරක්‍ෂක නිලධාරියෙකු මගින් මාරුකර මැතිවරණ කටයුතු සඳහා යොදාගත් බවත්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගෙන තිබෙන බවට තමන් දැන ගත්තේ මීට දින දෙකතුනකට පෙර බවත් අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සදහන්.

එම අවස්ථාවේදී තමන්ට කර කියා ගත නොහැකි වූ බවත්, මේ හේතුවෙන් අදාළ මුදල් පොදු කටයුතුවලට යොදවන ලෙස මහා සංඝරත්නය හෝ වෙනත් පිළිගත හැකි පාර්ශ්වයකින් ඉල්ලීමක් කළහොත් එම මුදල ලබාදීමට තමන් සූදානම් බවත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළා.

Top