ඇලෝසියස් / පලිසේන යළිත් රිමාන්ඩ්

පර්පෙවුල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අද යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ ලබන 27 වනදා දක්වායි.කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගය නිකුත් කළා.

පර්පෙවුල් ට්‍රෙෂරීස් සමාගම විසින් මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සක්‍රීයව පැවති වකවානුවේදී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමට ලබා දුන් මුදල් එම සමාගම විසින් සැක සහිත ලෙස තෙවන පාර්ශවයකට ලබා දීමට අදාළ වචුවර් පත් 102ක් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ උපදෙස් මත විනාශ කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද අධිකරණයේදී කියා සිටියා.

යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම විසින් දෙවන පාර්ශවයකට සැක සහිත ලෙස ලබා දී ඇති මුදල් චෙක්පත් බහුතරයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇතිබවයි.

එම සමාගම ඒවා කුමන පාර්ශවයකට ලබා දුන්නේ දැයි නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ආරරම්භ කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *