You are here
Home > උණුසුම් පුවත් > ඇලෝසියස් – පළිසේන යළි රිමාන්ඩ්

ඇලෝසියස් – පළිසේන යළි රිමාන්ඩ්

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා කසුන් පළිසේන යන සැකකරුවන් අද යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ලබන 23වනදා දක්වායි.
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අනුබද්ධ මෙන්ඩිස් සහ සමාගමට ඇතුළු සමාගම් පහක් සම්බන්ධයෙන් 2014 ජනවාරි 1 වැනිදා සිට 2018 මැයි 24 වැනි දා දක්වා බැංකු ගිණූම් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට බැංකු හා මූල්‍යායතන 13කට අද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළා.

Top