ඇලෝසියස් රට යන්න කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

විදෙස්ගතවීම සදහා අවසර ඉල්ලමින් පර්පචුවෙල් ටේ‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සිදුකළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා.
ආන්දෝනාත්මක බැදුම්කර ගණුදෙනුවට අදාළවයි ඔහුට මෙම තහනම පනවා තිබුණේ.
මේ සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් මහතාගේ නීතීඥවරුන් සිදුකළ ඉල්ලීම කොලඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.