ඇවන්ගාර්ඩ් නඩුව මාර්තුවේ සිට අඛණ්ඩව විභාගයට

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු විභාගය ලබන මාර්තු 19 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා අද නියම කළා.

ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාඳීම සඳහා රුපියල් ලක්ෂ 355ක අල්ලසක් ලබාදීම හා ලබාගැනීම ඇතුළු චෝදනා 47ක් යටතේ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ රක්නා ලංකා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩුව පවරා තිඛෙනවා.

විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර අද දිනයේ භාරදුන් අතර විත්තිකරුවන් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙක බැගින් හා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප මත මුදාහැරීමටයි මෙහිදී නියෝග කෙරුණේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial