ඇෆ්ගනිස්ථානය ඉන්දියාව සම කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය අතර තරගය අද ලකුණු සමවීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ඒ දෙපිලම ලකුණු 252 බැගින් රැස් කිරීම හේතුවෙන්.
තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය කඩුලු 8ක් දැවී ලකුණු 252ක් රැස් කළා.
මොහොමඩ් ෂහෂාඩ් ලකුණු 124යි.
මොහොම්මඩ් නබි ලකුණු 64 යි.
රවින්ද්‍ර ජඩේජා කඩුලු 3යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 49 යි පන්දු 5කදී සියල්ලන් දැවී රැස් කළේද ලකුණු 252ක් පමණයි.
තරගයේ අවසන් පන්දුවාර දෙක තුල ඉන්දීය පිලේ අවසන් කඩුලු 3 දැවී ගියා. අවසන් පන්දු දෙක තුල එක් ලකුණක් අවශ්‍යව තිබූ ජයග්‍රහණය ඉන්දියාවට අහිමිවූයේ රවින්ද්‍ර ජඩේජා ලකුණු 24කට දැවීයාම හේතුවෙන්.
ඉන්දියාව වෙනුවෙන් ලෝකේෂ් රාහුල් ලකුණු 60ක් හා අම්බති රයිදු ලකුණු 57ක් රැස් කළා.