ඇෆ්ගනිස්ථානය බංග්ලාදේශයත් පරදවයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් ජය හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.
ඒ බංග්ලාදේශය ලකුණු 136කින් පරාජයට පත් කරමින්.
තරගයේ පලමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50 තුල කඩුලු 7ක් දැවී ලකුණු 255ක් රැස් කළා.
හෂ්මතුල්ලා සහීඩි ලකුණු 58 යි.
රෂීඩ් කාන් පන්දු 32කදී නොදැවී ලකුණු 57 යි.
ෂකීබ් අල් හසන් ලකුණු 42 ට කඩුලු 4යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 119 ක් පමණයි.
ෂකීබ් අල් හසන් ලකුණු 32යි.
කෙසේ වෙතත් මෙම කණ්ඩායම් 2ම සුපිරි 4 වටයට තේරී සිටින්නේ ලංකාව මූලික වටයේ තරග 2ම පරාජයවීම හේතුවෙනුයි.