ඉදිරියේදී ලේ හිගයක් / ලේ දෙන්නැයි ඉල්ලීමක්

ලේ දන්දෙන ලෙස පසුගිය ජනවාරි මාසයේ කළ ඉල්ලීමට අනුව ජනතාව ලේ දන්දීමට පෙළඹුන ද, මාර්තු හා අප්‍රේල් මාසවල ලේ හිගයක් යළිත් ඇතිවිය හැකි තත්ත්වයක් පවතින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය mjikjd’

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා බීබීසී පුවත් සේවයට පැවසුවේ ජනවාරි මාසයේ දී ලේ දන්දීමට ජනතාව වැඩිපුර ඉදිරිපත්වුව ද දැන් එය නැවත අඩුවී ඇති බවයි.

මැතිවරණ සමයක් වීම එයට හේතුවක් විය හැකි බව පැවසූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාර්තු, අප්‍රේල් මාසය වන විට දැඩි ලේ හිඟයක් ඇතිවිය හැකි බැවින් තවදුරටත් ලේ දන්දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ශ්‍රී ලංකාවට වසරකට සාමාන්‍යයෙන් ලේ පයින්ට් 450,000 ක් පමණ අවශ්‍ය බව ඇස්තමේන්තු කර ඇති අතර වරකට එක් පුද්ගලයකුගෙන් ලබා ගන්නේ ලේ පයින්ට් එකක් එනම් මිලි ලීටර් 450 ක් පමණ ප්‍රමාණයකි.

විවිධ රෝගාබාධ මෙන්ම සැත්කම් වැඩිවීම නිසා ලේ අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සදහන් කළා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21