ඉදිරියේදී සහල් කිලෝව සියය පැන්නීමේ අවදානමක්

දැනට කිලෝව රුපියල් 100 ඉක්මවා ඇති සහල් මිල ඉදිරියේ දී තවදුරටත් වැඩි විය හැකි බව සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.
එයට ප්‍රධාන හේතුව වන්නේ දැනට ලොව ඇතිවෙමින් පවතින සහල් හිඟය බවයි සංගමය පෙන්වා දෙන්නේ.අමෙරිකාව සහ කොරියාව නුදුරු කාලයේ දී යුද්ධයකට අවතීර්ණ වේ යැයි පැතිර යන ආරංචි නිසා මේ වන විට ලෝකය පුරා ආහාර හිඟයක් නිර්මාණය වෙමින් පවතින බවද එම සංගමය සදහන් කළා.
ඉන්දියාවේ මේ වන විට නාඩු සහල් මෙට්‍රික්ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 435 දක්වා දැනට ඉහළ නැග ඇති අතර මෙයට ස්වල්ප කාලයකට පෙර පැවැති මිල ඩොලර් 375 ක්.අද පවතින මිලට සහල් ආනයනය කළ විට ආනයන වියදම් සහ සෙසු වැය සමඟ නාඩු සහල් ඩොලර් 450 ඉක්මවා යා හැකි අතර ඒ අනුව සහල් කිලෝව රුපියල් 100 ඉක්මවනු ඇති බවයි දැක්වෙන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial