ඉදිරි දිනවලදී යළිත් උල්කාපාත ඇද වැටීමේ අවධානමක්

පසුගියදා දකුණු පලාතේ ප්‍රදේශ කිහිපයකට දිස්වීමෙන් පසු සාගරයට කඩා වැටුණු ආකාරයේ උල්කාශ්ම ඉදිරි දිනවලදීත් කඩාවැටීමේ හැකියාවක් ඇති බව කොළඹ සරසවියේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ හා එහි භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.
හේලිගේ වල්ගා තරුවේ වලිගය කොටස හරහා පෘථිවිය මේ දිනවල ගමන් කරන බැවින් ඉදිරි දිනවලදීත් අපේ රටටත් උල්කාපාත ඇද වැටීමේ හැකියාවක් ඇති බවයි මහාචාර්යවරයා සදහන් කළේ.
නොවැම්බර් මාසයේ අලුයම 3 – 4 අතර කාලයේ නැ‍ඟෙනහිර අහසේ අංශක 20 – 25 ක මට්ටමින් දඩයක්කාර තරු රාශිය මුල් කර ගනිමින් උල්කා වර්ෂාවක් ඇතිවෙන බවත් එය නොවැම්බර් 20,21, 22 දිනවල උච්චතම අවස්ථාවට එළඹෙන බවත් චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සදහන් කළා.