ඉන්දියන් ඔයිල් සමාගමේ ජඩ සැලසුම අර්ජුන හෙලිකරයි

ඉන්දියන් ඔයිල් සමාගමට අයත් බාල ඉන්ධන නැව මෙරටට භාරගන්නැයි පාර්ශව කිහිපයක් තමන්ට බලපෑම් එල්ල කළ බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එම බලපෑම්වලට කිසිදු අයුරකින් තමන් යට නොවන බවයි.

එම බාල ඉන්ධන නැව තවදුරටත් ත්‍රීකුණාමලය මුහුදේ රදවාගෙන සිටින බවද අමාත්‍යවරයා කියා සිටියා.එම සමාගමේ අපේක්ෂාව කෙසේ හෝ බාල ඉන්ධන තොගය මෙරටට ගොඩබෑම බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

මෙම ඉන්ධන නැව ප්‍රමාදවීම හේතුවෙන් ආදේශක ඉන්ධන ඇණවුම් කළද එම නැවද අසාමාන්‍ය ලෙස දින 6ක් ප්‍රමාදවී ඇති බව අර්ජුණ රණතුංග මහතා සදහන් කළා.ඒ සමගම සපුගස්කන්ද පිරිපහදුවේ විදුලිය හදිසිවේ විසන්ධිවීමෙන් මෙම කටයුතුප්‍රමාදවීමද සැක සහිත බවයි රණතුංග මහතා සදහන් කළේ.ඒ අතර ඉන්ධන හිගයක් ඇතැයි කිසියම් පාර්ශවයක් විසින් යොමුකර ඇති කෙටි පණිවිඩය පිළිබදවද රජය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සදහන් කලා.

මේ වන විට පවතින ඉන්ධන හිගය 9 වනදා පස්වරුව වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial