ඉන්දියාවට අන්ත පරාජයක්

ඉන්දියාවට අන්ත පරාජයක් අතර කර දෙමින් දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 159කින් ජය ගැනීමට එංගලන්තය සමත්වුණා.
ඒ ලෝඩ්ස් පිටියේ පැවැති තරගයේ ඉන්දියානු දෙවන ඉනිම ලකුණු 130කට සීමා කරමින්.
තරගයේ ඉන්දීය පලමු ඉනිම ලකුණු 107 යි.
රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 27 යි.
ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 20ට කඩුලු 5ක් දවාගත්තා.
එංගලන්ත පලමු ඉනිම කඩුලු 7කට ලකුණු 396 ක්ව තිබියදී ඉනිම අත්හිටුවනු ලැබුවා.
ක්‍රිස් වෝක්ස් නොදැවී ලකුණු 137 යි.
ජොනී ඛෙයාස්ට්‍රෝ ලකුණු 93යි.
ඉන්දීය දෙවන ඉනිම ලකුණු 130යි.
රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී ලකුණු 33 යි.
ජේම්ස් ඇන්ඩර්සන් හා ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 4 බැගින් දවාගත්තා.
තරගයේ වීරයා ක්‍රිස් වෝක්ස්. මේ වන විට තරගාවලිය 2 ට 0ක් ලෙස එංගලන්තය පෙරමුණේ පසුවනවා.