ඉන්දියාවට ගහන්න පකිස්ථාන ත්‍රස්ත කණ්ඩායමක් හදලා

ඉන්දියාව තුල ප්‍රහාර එල්ල කිරීම සදහා පකිස්තානය විසින් නව ත්‍රස්ත කණ්ඩායමක් නිර්මාණය කර ඇති බවට චෝදනා එල්ලවනවා. ඉන්දීය පුවත් සේවා වාර්තා කරන්නේ හලාල් ඩස්ටා ලෙසින් මෙම ත්‍රස්ත කණ්ඩායම නිර්මාණය කර ඇති බවයි.
නව ස්වරූපයකින් ඉන්දියාවට ප්‍රහාර එල්ල කිරීම මෙම කණ්ඩායමේ අපේක්ෂාව බවටයි තොරතුරු හෙලිවන්නේ.
මෙම කණ්ඩායම නිර්මාණය කිරීම පසුපස පකිස්ථාන බුද්ධි අංශ රැදී සිටින බවටද කරුණු හෙලිව ඇති බව ඉන්දීය වාර්තා සදහන් කරනවා. එහිදී ලක්ෂ්කාර් ඊ තායිබා සංවිධානයේ නායකත්වය හා පකිස්ථාන බුද්ධි අංශ අතර සාකච්ජාවක් පවත්වා ඇති බවටද ඉන්දීය බුද්ධි අංශ තොරතුරු හෙලිකරගෙන තිඛෙනවා.මෙය දෙරට අතර අර්බුධ වර්ධනය කරන්නක් වනු ඇති බවටද අනාවැකි පලවනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial