ඉන්දියාවේ හීන බොඳ කර ලංකාවට විශිෂ්ට ජයක්

ඉන්දියාව පරාජයට පත් කරමින් නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

කොලඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ පලමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 174 ක් රැස් කළා.

ෂිකර් ධවාන් ලකුණු 90 යි. මනීෂ් පාණ්ඩේ ලකුණු 37 යි.

දුෂ්මන්ත චමීර කඩුලු 2යි. නුවන් ප්‍රදීප් / ජීවන් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල තරගය ජයගත්තේ පන්දුවාර 18 යි පන්දු 3කදී කඩුලු 5ක් දැවි ලකුණු 175ක් රැස් කරමින්.කුසල් ජනිත් පෙරේරා ලකුණු 66 යි.තිසර පෙරේරා වේගවත් ලකුණු 22ක් ලබාගත්තා.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 19 යි.
වොෂින්ටන් සුන්දර් හා යුස්වේන්ද්‍ර චහාල් කඩුලු 2 බැගින් දවාගත්තා.තරගයේ වීරයා කුසල් ජනිත් පෙරේරා.

ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරුවට ලක් කරමින් සිය ප්‍රබල ක්‍රීඩකයින් විවේක ගන්වා නිදහස් කුසලාන තරගාවලියට කණ්ඩායමක් යොමුකළ බවට ඉන්දියාවට චෝදනා එල්ලවන අතරයි ඔවුන් මෙම දැවැන්ත පරාජය හිමිකරගත්තේ.