ඉන්දියාවේ පාසල් බස් රථයක් ප්‍රපාතයක / 27ක් මිය යයි

ඉන්දියාවේ හිමචල් ප්‍රාන්තයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිසුන් ඇතුලු 27 දෙනකු මියගොස් තිබෙනවා.
ඉන්දී්‍ය මාධ්‍ය වාර්තා කළේ අනතුරට පත්වූ සිසුන් බහුතරයක් වයස අවුරුදු 10ට අඩු දරුවන් බවයි.
මිය ගිය පිරිසට ගුරුවරියන් දෙදනකුද ඇතුලත්.
අඩි 200ක් පමණ ප්‍රපාතයක මෙම බස් රථය පෙරලී යාමෙන් අනතුර සිදුව තිබෙනවා.
සිද්ධියෙන් 13 දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන්ද පසුවන්නේ බරපතල තත්ත්වයකයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.