ඉන්දුනීසියානු සුනාමියේ මරණ 384 ට නගී

ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භු කම්පනය හා සුනාමි තත්ත්වයෙන් මිය ගිය ගණන 384ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට ආපදා පාලන මධ්‍යස්ථානය නිවේදනය කළේ තුවාලකරුවන් 540ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
වැඩිම හානියක් සිදුව ඇති සුලවිසි දූපතේ පුද්ගලයින් 29 දෙනකු මේ දක්වා අතුරුදන්ව සිටින බවයි එම වාර්තා අනාවරණ කරන්නේ.
මේ දක්වා නිල තොරතුරු වාර්තා නොවන බැවින් සිදුව ඇති දේපල හා ජීවිත හානිය තවත් ඉහළ යා හැකි බවටද අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
මේ වන විටත් ආපදා තත්ත්වයෙන් ලක්ෂ 6ක් පීඩා විදින අතර ඔවුන් සදහා වන හදිසි සහන මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *