ඉන්දුනීසියානු සුනාමියේ මරණවලට මුල වැරදි නිවේදනයක්

ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වයෙන් විශාල පිරිසක් මියයාමට හේතුව සුනාමි අනතුරු ඇගවීම් සංඥා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලබාදුන් වැරදි පණිවිඩයක් බව අනාවරණවී තිබෙනවා.
සුලවිසි කලාපය ආසන්නයේ හටගත් ඒකක 7 යි දශම 5ක භූ කම්පනයෙන් පසු එම කලාපයට සුනාමි අඅනතුරු ඇගවීමක් නිකුත් කළද සුනාමි සංඥා නිකුත් නොවීම හේතුවෙන් විනාඩි 30කට පසු එම අනතුරු ඇගවීම ඉවත් කරන බවටයි එරට භූ විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබුණේ.
එහෙත් ඉන් මොහොතකට පසු සුනාමි රළ පහර කඩා වැදී තිබුණේ අඩි 18 ක උසකින් යුතුවයි.
සුනාමි අවධානම ඉවත් කළ බව ප්‍රචාරය කිරීමෙන් පසු මුහුදු වෙරළේ ක්‍රියාත්මක වෙමින් පැවැති උත්සවයක් යළි ආරම්භ කර ඇති අතර වැඩිම පිරිසක් මරණයට පත්ව ඇත්තේ එම ස්ථානයට සුනාමි රළ පහර එල්ලවීම හේතුවෙනුයි.
මේ වන විට ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සියට දැඩි චෝදනා එල්ලවුවද එම ආයතනය පවසන්නේ සුනාමි අනතුරු ඇගවීමේ සංඥා කිසිවක් තමන්ට නොලැබුනු බවයි.
ඒ අනුය පද්ධතියේ දෝෂයක් මෙම අවාසනාවන්ත තත්ත්වයට හේතුව බවයි ඔවුන් පවසන්නේ.
මේ වන විට සුනාමි තත්ත්වය හේතුවෙන් 400 කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.තවත් පුද්ගලයින් 500 ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *