ඉන්දුනීසියානු සුනාමියේ මරණ 1234 පනී

ඉන්දුනීසියානු භූ කම්පනයෙන් හා සුනාමි තත්ත්වයෙන් මිය ගිය ගණන තවදුරටත් ඉහළ යමින් පවතින බව එරට බලධාරීන් පවසනවා.
බී බී සී පුවත් සේවයට අදහස් දක්වමින් එරට රජයේ ප්‍රකාශකයකු සදහන් කර ඇත්තේ මරණ ප්‍රමාණය මේ වන විට 1234ක් ඉක්මවා ඇති බවයි.
තවදුරටත් සුන්බුන් අතර සැලකිය යුතු පිරිසක් සිරව සිටින හෙයින් මරණ ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවයි ඔහු අනාවරණ කළේ.
මේ අතර සහන සේවා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වුවද ඒ සදහා බාධා රැසක් පවතින බව සදහන්.
මේ අතර සුනාමියෙන් දිවි ගලවා ගත් බොහෝ දෙනකුද මේ වන විට මූලික අවශ්‍යතා හෝ ඉටු කර ගැනීමේ ගැටලුවකට මුහුණ පා සිටිනවා.
බොහෝ දෙනකුට මේ වන විටත් ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලැබීමේ ගැටලුවක් පවතින බවයි වාර්තා අනාවරණ කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *