ඉන්දුනීසියාවට පැනවූ සුනාමි අවධානම ඉවතට

ඉන්දුනීසියාවට බලපෑ ඒකක 7යි දශම 5ක භූ කම්පනයෙන් පසු පනවා තිබූ සුනාමි අනතුරු ඇගවීම ඉවත් කර තිබෙනවා.
එරට බලධාරීන් නිවේදනය කරන්නේ සුනාමි අවධානම පහව ගියද තවත් ප්‍රබල භූ කම්පන හට ගැනීමේ අවධානමක් ඉන්දුනීසියාවට පවතින බවයි.
ඒ අනුව අවධානම් කලාපවලින් ඉවත්ව වහාම ආරක්ෂිත කලාප වෙත යොමුවන ලෙසයි එරට ආපදා කළමනාකරණ අංශ නිවේදනය කරමින් පවතින්නේ.
මෙම භූ කම්පනයෙන් නිවාස හා දේපල රැසක් විනශවී ඇති අතර මේ වන විට පුද්ගල මරණයක් හා 10 දෙනකුට තුවාල සිදුවූ බව හෙළිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *