ඉන්දුනීසියාවේ භූ කම්පනයක් සමග සුනාමි අනතුරු ඇගවීමක්

ඉන්දුනීසියාවේ ප්‍රකට සංචාරක කලාපයක් වන ලොම්බොක් දූපත ආසන්නයේ හටගත් ප්‍රබල භූ කම්පනයකින් පසු එරටට සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර තිඛෙනවා.
අමෙරිකානු භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ ඒකක 7 ක භූ කම්පනයක් මෙසේ හටගෙන ඇති බවයි.
ඉකුත් සතියේද මෙම කලාපයේ භූකම්පනයක් හටගත් අතර එහිදී පුද්ගලයින් රැසක් මියගියා.
අද හටගත් භූ කම්පනයෙන්ද මරණ වාර්තාවී ඇති අතර ඒ පිළිබද නිල වාර්තා හෙළිකර නැහැ.
2004 සුනාමි ව්‍යසනයට මුල්වූ පැසිෆික් ගිනි වලල්ල ආශ්‍රිත කලාපය තුලයි මෙම භු කම්පනයද හටගෙන ඇත්තේ.