ඉන්දුනීසියාවේ තවත් භූ කම්පන දෙකක්

ඉන්දුනීසියාව ආශ්‍රීතව තවත් ප්‍රබල භූ කම්පන 2ක් හටගෙන තිබෙනවා.
අමෙරිකානු භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කළේ ඉන්දුනීසියාවේ බණ්ඩා වෙරළ ආසන්නයේ අද අලුයම 6 ට ආසන්නව ඒකක 6ක භූ කම්පනයක් හටගත් බවයි.
ඉන් විනාඩි 20කට පසු ඒකක 5 යි දශම 9ක භූ කම්පනයක්ද එම ස්ථානයේම හටගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මේ හේතුවෙන් මෙතෙක් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර නැහැ.
පසුගියදා එරට දී හටගත් ඒකක 7.5 ක භූ කම්පනයෙන් සුනාමි තත්ත්වයක් හටගත් අතර එහිදී මිය ගිය හා අතුරුදන්වූ පිරිස 1000ක් ඉක්මවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *