ඉන්දුනීසියා භූ කම්පනයේ මරණ 347 ක් වෙයි

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ පසුගිය ඉරිදා හටගත් භූ කම්පනයෙන් මිය ගිය ගණන 347 ක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා.
එරට බලධාරීන් නිවේදනය කළේ මේ දක්වා පසු කම්පන 350ක් ද එම කලාපයෙන් වාර්තාවී ඇති බවයි.
එම පසු කම්පන රික්ටර් පරිමාණයේ ඒකක 5.9 හා 6.2 මට්ටමේ පවතින බවද සදහන්.
භූ කම්පනය හේතුවෙන් 1400 දෙනකු තුවාල ලබා ඇති අතර 150,000 ක් මේ දක්වා අවතැන්ව සිටිනවා.