You are here
Home > උණුසුම් පුවත් > ඉන්ධන මිල වැඩිවුණේ කොහොමද ? මහින්ද ආණ්ඩුවෙන් අසයි

ඉන්ධන මිල වැඩිවුණේ කොහොමද ? මහින්ද ආණ්ඩුවෙන් අසයි

තම පාලන සමයේ ලෝක වෙළදපලේ ඉන්ධන මිල විශාල අගයකින් වැඩිවී තිබුණද අද වන විට ඊටත් වඩා අඩු තත්ත්වයක් යටතේ වුවද ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමේ හේතු පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ තම පාලන සමයේ ඉන්ධන ආනයනයේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 97 ක මට්ටමේ පැවැති බවයි.2011 හා 2014 සමයේ තෙල් ආනයනය වෙනුවෙන් තෙල් බැරලයක් සදහා ඩොලර් 109ක් වැයව ඇති බවද හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් සදහන් කරනවා.
එහෙත් අද වන විට ඩොලර් 74 ක මිලකට තෙල් බැරලයක් ආනයනය කළද තම පාලන සමයට වඩා වැඩි මිලකට ආණ්ඩුව ඉන්ධන අලෙවි කරන බවයි රාජපක්ෂ මහතා චෝදනා කරන්නේ.
ඒ අනුව කවර මිල සූත්‍රයක් යටතේ ඉන්ධන මිල වැඩි කරන්නේද යන්න පිළිබද රජය රටට කරුණු හෙළි කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top