ඉන්නවද ? යනවද ? ශ්‍රීලනිප තීන්දුව අද

සම්මුති රජය තවදුරටත් පවත්වාගෙන යන්නේද නැත්ද යන තීරණය ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් අද තීරණය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ජාවේදීයි.
මෙහිදී අගමැතිවරයාට පක්ෂව විශ්වාසභංගයේදී ජන්දය භාවිතා කළ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගැනීමට කළ ඉල්ලීම පිළිබද අවසන් තීරණයක් ලබා ගැනිමට නියමිත බවයි අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ.
ඒ සදහා මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිවුවහොත් ඒ වෙනුවෙන් පත් කරන පිරිස් සම්බන්ධයෙන්ද මෙහිදී තීරණයක් ගැනීමට නියමිතයි.