You are here
Home > ආසන්න-පුවත් > ඉන්ෆ්ලුවෙන්සා මරණ 17ට නගී

ඉන්ෆ්ලුවෙන්සා මරණ 17ට නගී

ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය වැළඳීමෙන් දකුණු පළාතේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි තවත් කුඩා දරුවන් දෙදෙනෙකු මියයාමත් සමග එම සංඛ්‍යාව වර්ධනය වූ බවයි කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා සදහන් කළේ.
ඉන්ෆලුවෙන්සා රෝගය බවට හදුනාගත් දරුවන් 37 දෙනෙකු පමණ රෝහලේ ළමා වාට්ටුවල තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.
කෙසේ වෙතත් මේ වන විට රෝගය පැතිර යාමේ අඩුවීමක් දක්නට ලැබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

Top