You are here
Home > විදෙස් > ඉරානයේ ගුවන් යානයක් වැටෙයි / 66 දෙනෙක් මිය යයි

ඉරානයේ ගුවන් යානයක් වැටෙයි / 66 දෙනෙක් මිය යයි

ඉරානයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් 66 දෙනකු මිය ගොස් තිබෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදී සිටියදී මෙම යානය අනතුරට ලක්ව ඇති බවයි.
එරට සග්රොස් කදුකර කලාපයේදී යානය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර හදිසි ගොඩබෑමකට සූදානම් වන අවස්ථාවේදී මෙසේ අනතුරට පත්ව තිබුණා.
යානයේ සුන්බුන් පවතින කලාපයට ගලවා ගැනීමේ කණ්ඩායම්වලටද ලගාවීමට දැඩිව බාධා මතුව ඇත්තේ අයහපත් කාලගුණය සමගයි.
කෙසේ වෙතත් මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී දිවි බේරා ගත් කිසිවකු හමුනොවූ බව අනාවරණ කර තිබෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top