You are here
Home > විදෙස් > ඉරාන භූ කම්පනයෙන් 332 ක් මරුට / 2800කට තුවාල

ඉරාන භූ කම්පනයෙන් 332 ක් මරුට / 2800කට තුවාල

ඉරාන ඉරාක දේශසීමා කලාපයේ හටගත් භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛයාව 332ක් තෙක් ඉහල ගොස් තිඛෙනවා.
එන් බී සී පුවත් සේවය වාර්තා කළේ තවත් 2800 දෙනකු භූ කම්පනය හේතුවෙන් තුවාල ලබා ඇති බවයි.
ඒකක 7 යි 3 ක භූ කම්පනයක් ලෙස අමෙරිකානු භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය මෙය හදුන්වා දී තිබුණද ඉරාන භූ කම්පන නිරීක්ෂණ ආයතනය පවසන්නේ මෙය ඒකක 7 යි දශම 5ක භූ කම්පනයක් බවයි.
මේ අතර අයි සී එම් පී ජාත්‍යන්තරය පවසන්නේ මේ වන විට මළ සිරුරු 400ක් පමණ සොයාගෙන ඇති බවයි.
එහෙත් ඉරානය මේ බව නිල වශයෙන් තහවුරු කර නැහැ.
මෙය 2003 වසරෙන් පසු ඉරානයට බලපෑ දරුණුතම භූ කම්පනය ලෙසයි සැලකෙන්නේ.
ඉරානයේ 2003 භූ කම්පනයෙන් 26,000ක් මිය ගියා.

Top