ඊ නිවුස් තහනම ගැන තොරතුරු ඉල්ලලා

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ අවහිර කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස එහි ප්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා තම නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා මාර්ගයෙන් වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන සෙනෙවිරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා.
ඒ තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේයි.
මෙම වෙබ් අඩවිය අවහිර කරන ලද්දේ අධිකරණ නියෝගයක් මතද නැතිනම් වෙනත් ආයතනයක හෝ පුද්ගලයකුගේ උපදෙස් මතද යන්න හා එසේ සිදුකළේ නම් ඒ කුමන නීතියක් පදනම් කරගෙනද යන්න පිළිබඳව තම සේවාදායකයාට දැනගැනීමට අවශ්‍ය බවයි නීතිඥවරයා වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇත්තේ.
එමෙන්ම කිසිදු පූර්ව දැනුම් දීමකින් කරුණු විමසීමකින් හේතු දැක්වීමකින් හෝ වෙනයම් ආකාරයක දැනුම් දීමකින් තොරව මෙම වෙබ් අඩවිය අවහිරකොට ඇත්තේ ඒකපාර්ශවික තීරණයක් ලෙස බවද තම සේවා දායකයා පවසන බව නීතිඥ කුමාරප්පෙරුම මහතා සිය ලිපියෙන් වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම්දී කතිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *