උතුරු කොරියානු නායකයා දකුණු කොරියාවට

ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සටහන් කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් දකුණු කොරියාවට පැමිණ තිබෙනවා.
ඒ අනුව 1953 කොරියානු යුද්ධයෙන් පසු දකුණු කොරියාවට පැමිණි පලමු උතුරු කොරියානු නායකයාද ඔහුයි.
උතුරු හා දකුණු කොරියානු සාකච්ඡා සඳහා දෙරට අතර යුධ මුක්ත කලාපයට කිම් ජොන්ග් අන් පැමිණි අතර දකුණු කොරියානු ජනාධිපති මූන් ජායේ-ඉන් විසින් ඔහු මහත් හරසරින් පිළිගෙන තිබෙනවා.අනතුරුවයි උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු දේශසීමාව වෙත කැදවාගෙන ගොස් තිබුණේ.
ඉන් අනතුරුව නියකයින් දෙපල අතර සාකච්ජා වටයක්ද පවත්වා තිබෙනවා.
උතුරු කොරියාව මේ වන විට න්‍යෂ්ඨික වැඩසටහන් නිමා කර ඇති බැවින් ලොව පුරා ගෞරවාන්විත තත්ත්වයක් එරටට හිමිවෙමින් පවතිනවා.
එය වර්ධනය කරන්නක් ලෙසයි කිම් ජොන් අන් ගේ දකුණු කොරියානු සංචාරය නම් වන්නේ.