You are here
Home > ආසන්න-පුවත් > උතුරු මුහුදේ ධීවර බලය විග්නේස්වරන් පලාත් සභාවට පවරා ගනී

උතුරු මුහුදේ ධීවර බලය විග්නේස්වරන් පලාත් සභාවට පවරා ගනී

උතුරු පළාතේ මුහුදු ධීවර කටයුතු වල පාලනය මුළුමනින්ම පළාත් සභාවේ පාලනයට ගන්නා මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම හා ධීවර කටයුතු බාර අමාත්‍ය කන්දයියා සිවනේෂන් වෙත දැණුම් දී තිබේ.
උතුරේ ධීවර කටයුතු සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට යාපනයේ ධීවර සමීති සම්මේලනයේ නිලධාරීන් පිරිසක් 24 දා යාපනයේදී උතුරු පලාත් කෘෂිකර්ම හා ධීවර අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ධීවර සමීති නායකයින්ට ප්‍රකාශ කොට ඇත.
යාපනයේ ධීවර නායකයින් අමාත්‍යවරයා හමුවීමට ගොස් ඇත්තේ දකුණේ ධීවරයින් උතුරු මුහුදට පැමිණ තහනම් ධීවර ආම්පන්න භාවිත කරණ නමුත් ඔවුන්ව අත් අඩංගුවට නොගෙන උතුරේ ධීවරයින් පමණක් අත් අඩංගුවට ගැනීම අසාධාරණයක් බව පෙන්වා දීමටත් තවත් උතුරේ ධීවර ගැටළු කීපයක් සම්බන්ධයෙන් විසදුම් ලබා ගැනීම පිණිසය.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම ගැටළුව සේම දකුණේ සිට පැමිණෙන රජයට සම්බන්ධ මහා පරිමාණයේ ව්‍යාපාරිකයින් විවිධ හේතු දක්වමින් උතුරේ ධීවරයින්ගේ මාළු තොග ඉතා අඩු මුදලකට රැගෙන යන බවයි .
මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කොට අත්තේ ප්‍රධාන අමාත්‍යවරයා ලබා දුන් උපදෙස් මත ධීවර අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට උතුරේ මුහුදු කටයුතු උතුරු පලාත් සභාව මගින් සිදු කිරීමට හැකි ක්‍රමවේදයක් සකසන බවයි.
ඉන් පසුව උතුරේ ධීවරයින්ට දකුණේ ධීවරයින්ගෙන් ඇතිවන ප්‍රශ්න ඇති වීමට ඉඩක් නොමැති බවද උතුරු පලාත් ධීවර අමාත්‍යවරයා පවසා ඇත.

Top