You are here
Home > ආසන්න-පුවත් > උදයංග වීරතුංග අත්අඩංගුවට

උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

ඩේලි නිව්ස් පුවත්පත මේ බව වාර්තා කරන්නේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා උපුටා දක්වමිනි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකා බලධාරීන් භාරයට ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ වන විට ඩුබායි බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ය.

ඩුබායි බලධාරීන් විසින් ඊයේ උදෑසන උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන ඇති බව ද රවී වෛද්‍යාලංකාර මහතා වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

මීට පෙර අවස්ථාවකදී ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒම සඳහා ඩුබායි වෙත ගිය අවස්ථාවේදී එය ව්‍යර්ථ විය.

උදයංග වීරතුංග මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් විභාග වන නඩුවේ සැකකරුවෙකු වන අතර ඔහු ඊට අදාළව අධිකරණයේ පෙනී නොසිටියේ ය.

මේ හේතුව මත අධිකරණය ඔහුට වරෙන්තු නිකුත් කළේ ය.

Former Ambassador to Russia Udayanga Weeratunge had been arrested by the Dubai authorities yesterday, Ravi Waidyalankara, the Senior DIG in charge of the FCID told the Daily News.

He said that the Dubai authorities had arrested him based on the investigations and submissions made by the FCID.

Currently, the FCID is in discussion with the Dubai authorities with regard to handing Weeratunga over to the Sri Lankan authorities. He had been arrested by the Dubai authorities last morning.

Previously, a special team comprising officers from the FCID, Criminal Investigation Division (CID), Foreign Ministry (FM), Attorney Generals’ Department and Department of Immigration and Emigration was sent to Dubai to bring the former ambassador back based on a warrant obtained from the Colombo Fort Magistrate. Earlier this year Colombo Fort Magistrate Lanka Jayaratne had also ordered to suspend the transactions of 16 bank accounts with a balance of USD 1.5 million maintained by Weeratunga in connection with the inquiry conducted into the purchase of Ukraine-built MiG-27 aircraft in 2006.

Top