ඌවේ මහ ඇමතිගේ වෙස්මූණ ගැලවේ / වන්දවාගත් බව විදුහල්පතිනිය අඩමින් කියයි (Video)

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායකගේ නියෝගයක් මත බදුල්ල දෙමළ බාළිකා විද්‍යාලයට සිසුවියක් ඇතුළත් කර නොගැනීම නිසා උරණවූ එම මහ ඇමතිවරයා එහි විදුහල්පතිනිය වන ආර්ග භවානි මහත්මිය තම නිල නිවසට කැඳවා දනගස්සවා වන්දවාගෙන ඇති බවට ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පසුගියදා මාධ්‍ය හමුවේ අනාවරණය කළා.
එහෙත් එවැන්නක් සිදු නොවූ බවත් සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා තමන්ට අපහාස කළ බවත් පවසමින් මහ ඇමතිවරයා විසින් සමන්ත විද්‍යාරත්න මහතාගෙන් රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාරසියක් ද යොමුකර තිබුණා.
එසේම තමන්ට මහ ඇමතිවරයාගෙන් කිසිදු බලපෑමක් සිදු නොවූ බවත් එලෙස තමන් ලවා වන්දවා ගැනීමක් සිදු නොකළ බවත් පවසමින් මෙම සිදුවීමට පාත්‍රවූ එම විදුහල්පතිනිය මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදී තිබුණේ මෙම සිද්ධිය පිළිබද රට හමුවේ අදහස් දක්වමින්.
කෙසේ වෙතත් එම විදුහල්පතිනිය අද යළි මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් හඩා වැලපෙමින් කියා සිටියේ තමන්ට එවැනි අනිසි බලපෑමක් සිදුවූ බවට පලවන වාර්තා බොරු බවත් එවැන්නක් සිදු නොවූ බවත් පවසමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදුන්නේ මහ ඇමතිවරයාගේ බලපෑම නිසා බවයි.
මහ ඇමති චාමර සම්පත් දසනායක තමන්ට බලපෑම් කර තමන් ලවා වන්දවාගත් බවත් ඇය අනාවරණ කලා.
මේ ඌවේ මහ ඇමතිවරයාගේ සැබෑව හෙලි කළ එම වීඩියෝ දසුනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *