You are here
Home > ආසන්න-පුවත් > ඌවේ මහ ඇමතිට එරෙහිව හෙට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඌවේ මහ ඇමතිට එරෙහිව හෙට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් විදුහල්පතිනියක දණ ගැස්වූ බව කියන සිද්ධියට අදාළව නිසි පියවර ගෙන නොමැති බැවින් ඔහුට එරෙහිව හෙට දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරන බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා.
එම සංගමය නිවේදනය කළේ බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිවරිය දණ ගැස්සවීමේ සිද්ධියට අදාලව කිසිදු පරීක්‍ෂණයක් මෙතෙක් අවසන්ව නොතිබියදී පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයද නැවත ප්‍රධාන අමාත්‍යවරයාට පවරා ඇති බවයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top