කලකට පසු එක්දින ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
ඒ එංගලන්තයට එරෙහි 5 වන හා අවසන් එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 219කින් ජය ලබමින්.
කොලඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැති මෙම තරගයේ පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව එක්දින තරගයකදී ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 366ක් රැස් කළා.
ශ්‍රී ලංකාවට වේගවත් ආරම්භයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල හා සධීර සමරවික්‍රම පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සබදතාවයක් පැවැත්වූවා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 95 යි.
සධීර සමරවක්‍රම ලකුණු 54යි.
නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 80යි.
කලකට පසු ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස් පන්දු 33කදී ලකුණු 56ක් රැස් කළේ 6 පහර 5ක්ද සමගයි.
එංලන්තය වෙනුවෙන් ටොම් කුරාන් හා මොයින් අලි කඩුලු 2 බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල පන්දුවාර 26යි එක් පන්දුවකදී කඩුලු 9ක් දැවී ලකුණු 132ක් ලබා සිටියදී වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවුණා.
ඒ අඅනුවයි ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලංකාවට ලකුණු 219ක දැවැන්ත ජයක් හිමිවූයේ.
එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ට්‍රොක්ස් ලකුණු 67යි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අකිල ධනංජය කඩුලු 4ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 3ක් දවාගත්තා.
කසුන් රාජිත හා ධනංජය සිල්වා එක් කඩුල්ල බැගින් දවාගත්තා.මෙය එංගලන්තය එක්දින තරගයකදී ලද දැවැන්තම පරාජයයි.
කෙසේ වෙතත් තරගාවලියේ ජය 3 ට 1ක් ලෙස හිමිකරගත්තේ එංගලන්තයයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *