එක්දින ඉනිමක වැඩිම ලකුණු ලෝක වාර්තාව එංගලන්තයට

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බිද හෙළීමට එංගලන්තය අද සමත් වුණා.
ඒ නොටින්හැම් හීදී මේ වන විට පැවැත්වෙන ඔස්ටේ්‍රලියාවට එරෙහි 3 වන ටෙස්ට් තරගයේදීයි.
මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 481 ක් වාර්තා කළා.
එහිදී ජොනී බෙයාස්ට්‍රෝ පන්දු 92 කදී ලකුණු 139ක් ලබාගත් අතර අලෙක්ස් හේල්ස් පන්දු 92 කදී ලකුණු 147ක් ලබාගත්තා.
ජේසන් රෝයි පන්දු 61 කදී ලකුණු 82 යි.
ඉයන් මෝගන් පන්දු 30කදී වේගවත් ලකුණු 67ක් රැස් කළා.
පන්දු යැවීමේදී දැඩි ප්‍රහාරයකට ලක්වූ ඇන්ඩෘ ටයි පන්දුවාර 9කදී ලකුණු 100ක් ලබාදී තිබීම විශේෂත්වයක්.
ඔස්ටේ්‍රලියානු පිළිතුරු ඉනිම මේ වන විට ක්‍රියාත්මකයි.
මේ එංගලන්ත ඉනිමේ ලකුණු පුවරුව.