එක් මිනිසෙක් නිසා දවසට කිඹුලන් 300ක් මරලා

ඉන්දුනීසියාවේ සොරොන්ග්හී පුද්ගලයකු කිඹුලන් විසින් ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් කෝපයට පත් ගම්වාසීන් විසින් කිඹුලන් 300 දෙනකු එක් දිනයක් තුල ඝාතනය කර තිඛෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මිය ගිය පුද්ගලයාගේ අවමගුල් දිනයේදී කෝපයට පත් ගම්වාසීන් විසින් මෙසේ කිඹුලන් සොයා ඝාතනය කර ඇති බවයි.
මෙම ගම්මානය ආසන්නයේ පවතින කිඹුලන් වගා කිරීමේ මධ්‍යස්ථානයක් හේතුවෙන් ආසන්න ගංගාවල කිඹුලන් වර්ධනයවූ බවට කලහකරුවන් චෝදනා කර තිබුණා. පසුව ඔවුන් එම මධ්‍යස්ථානයේ රදවා සිටි සියලු කිඹුලන්ද ඝාතනය කර තිබුණේ එම ස්ථානය විනාශයට පත් කරමිනුයි.
ඒ අනුව තම ගම්මානය මේ වන විට කිඹුලන්ගෙන් තොර කලාපයක් බව ගම්වාසීන් මාධ්‍ය වෙත සදහන් කර තිඛෙනවා.
කෙසේ වෙතත් පරිසරවේදීන් මේ සදහා දැඩි විරෝධයක් පල කළද එම ගම්වාසීන් පවසන්නේ තමන්ට කිඹුලන්ගේ ගොදුරක්වීමට අනවශය බවයි.