You are here
Home > ප්‍රධාන-පුවත් > එජාපයට අන්තර් කාලීන නායකයකු පත් කිරීමට යෝජනාවක්

එජාපයට අන්තර් කාලීන නායකයකු පත් කිරීමට යෝජනාවක්

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කරන තෙක් එක්සත් ජාතික පක්ෂයට අන්තර් කාලීන නායකයකු පත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව තාවකාලිකව එම තනතුර සදහා සභා නායක/ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම යෝජනාවී ඇති බවද අදාළ වාර්තා හෙළිකලා.
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් පැවැත්වූ සාකච්ජාවකදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බව සදහන්.
ජ්‍යෙෂ්ඨත්වය/විශ්වසනීයභාවය/එක්සත් ජාතික පක්ෂයේ කිසිදු පාර්ශවයකට ගැති නොවීම හා පොදු බව මුල් කරගෙන මෙම අමාත්‍යවරුන්ගේ නම් තාවකාලික නායකත්වය සදහා  ඉදිරිපත්ව ඇති බව සදහන්.
මෙම යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරි දිනවලදී ඉදිරිපත් කිරීමට නියමිත අතර මාර්තු 31 ට පෙර නව වෙස්කම් සිදුවනු ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණ කරනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top