එජාපයට එරෙහිව තිස්ස / රුක්මන් / කුරේ නව පෙරමුණක්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් පිහිටුවීමට යන පක්ෂයට එම පක්ෂයේම හිටපු මහලේකම්වරයකු වන සිරිසේන කුරේ මහතාගේ සහාය හිමිව තිඛෙනවා.
ඒ අනුව මීට අදාළ සාකච්ජාවක් කොලඹ අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස කේන්ද්‍රයේදී පවත්වා ඇති බවයි අනාවරණ වන්නේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයකු වන රුක්මන් සේනානායක මහතා සහ වතුකරය නියෝජනය කරන එස් සතාසිවම් මහතාද තම සහයෝගය මෙම නව පක්ෂයට ලබාදෙන බවට ප්‍රතිඥා ලබාදී තිඛෙනවා.
මෙම සාකච්ජාවන්ට එක්වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ආනන්ද සංගරෙයි මහතා මෙන්ම තවත් සුලු පක්ෂ කිහිපයක නායකයින්ද තිස්ස අත්තනායක මහතාගේ නව දේශපාලන ගමනට සහාය දැක්වීමට එකගතාවය පල කර තිඛෙනවා.
එක්සත් ජාතික පක්ෂයට මේ වන විට අත්ව ඇති ඉරණම පිළිබද සැලකිල්ලට ගෙන නව පක්ෂය පිහිටුවන බවයි තිස්ස අත්තනායක මහතා සදහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *