එජාපයට දෙහිවල ගල්කිස්සත් නැති වෙයි

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට අද අහිමි වුණා.ඒ නගරාධිපතිවරයා තේරීමේ ජන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා ජන්ද 23ක් ලබා ගැනීම සමගයි.
එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති ධූරයට තරග කළ සුනේත්‍රා රණසිංහ මහත්මියට හිමිවූයේ ජන්ද 20ක් පමණයි.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 36985ක් සමගින් මන්ත්‍රීධුර 19ක් දිනාගත් අතර ජන්ද 36029ක් ක් ලබාගත් පොදුජන පෙරමුණට ආසන 19 ක් හිමිවුණා.
එහිදී නිදහස් පක්ෂයට ආසන 6ක් හිමිවූ අතර ජනතා විමුක්ති පෙරමුණ හිමිකරගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 4ක්.
මෙය බහුතර ජන්ද හිමිකරගත්තද එක්සත් ජාතික පක්ෂයට අහිමිවූ 3 වන මහ නගතර සභාවයි.