එජාපයට ප්‍රධාන විධායක නිලධාරියෙක්

එක්සත් ජාතික පක්ෂයට ප්‍රධාන විධායක නිලධාරියකු පත් කිරීමට තීරණය කර තිබෙනවා.
එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරන්නේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ කටයුතු කාර්යක්ෂම කිරීම / ලේකම්වරයාට සහාය දැක්වීම ආදී කරුණු ගණනාවක් මුල්කර ගනිමින් නව තනතුර නිර්මාණය කෙරෙන බවයි.
රුවන් විජේවර්ධන කමිටුව විසින් පක්ෂයේ ප්‍රතිස්නධානයට අදාළව ලබාදුන් වාර්තාවද මේ සදහා පදනම් කරගෙන තිබෙනවා.
මෙය පූර්ණ කලීන තනතුරක් වන බැවින් පක්ෂයේ තනතුරු නොදරන මන්ත්‍රී ධූර නොදරන පුද්ගලයකු ඒ සදහා පත් කිරීමටයි නියමිතව ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම මෙම තනතුර අපේක්ෂාවෙන් පසුවන බවද අදාළ වාර්තා හෙළිකරනවා.