එජාපයෙන් නව අගමැති අපේක්ෂකයෙක් ?

එක්සත් ජාතික පක්ෂයට නව අගමැති අපේක්ෂකයෙක් නම් කිරීමේ වැඩි ඉඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව වත්මන් දේශපාලන අර්බුධය ජය ගැනීම සදහා වන පියවර රැසක් ගැනීමට එම පක්ෂයේ සාකච්ජා ක්‍රියාත්මක බවයි අදාළ වාර්තා හෙලිකරන්නේ.
මේ අතර ඊයේ උඩුනුවරදී පැවැති රැස්වීමක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ එජාපයේ අගමැති අපේක්ෂකයා කඩිනමින් නම් කිරීමට නියමිත බවයි.

“මෛත්‍රිපාල මේ පාර්ලිමේන්තුව  විසිරෙව්වෙ එයාලට පාර්ලිමේන්තුවේ 113 ක් නැති නිසා. නීති විරෝධි ව්‍යවස්ථා විරෝධි අගමැති මැති ඇමැතිවරු පත් කරළ බැරිම තැන ආණ්ඩුව විසිරෙව්වා. අපි මේ සම්බන්ධව අධිකරණයට යනව. අද හොරු අල්ලන්න ආපු මෛත්‍රී හොරුත් එක්ක එකතුවෙලා අපිට වසර 3ක් ගියත් හොරු අල්ලන්න ඉඩ දුන්නෙ නෑ. හෙට අනිද්දම අගමැති අපේක්ෂකයා නම් කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *