You are here
Home > ප්‍රධාන-පුවත් > එජාපයේ ඇමති ධූර වෙනස් නොකරන්නැයි ඉල්ලීමක්

එජාපයේ ඇමති ධූර වෙනස් නොකරන්නැයි ඉල්ලීමක්

ඉදිරියේදී සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍ය ධුරවල වෙනසක් කිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව එහි ‍‍‍ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් පිරිසක් ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් පසුව කලින් නියම කර ගෙන තිබූ ආකාරයට එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍ය තනතුරුවල සංශෝධනයක් සිදුකළ අතර එබැවින් තවත් සංශෝධන අනවශ්‍ය බවයි එම ඉල්ලීමේ දැක්වෙන්නේ.
ඒ අනුව සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය නිදහස් පක්ෂයට පමණක් අදාළ වන පරිදි සිදුකරන ලෙසටද මෙහිදී ඉල්ලීමක් සිදුකර ඇති බවයි අදාළ වාර්තා අනාවරණ කරන්නේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top