එජාපයේ චෝදනාව ආරක්ෂක ලේකම් ප්‍රතික්ෂේප කරයි

රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දීරයෙන් නෙරපා හැරීම සඳහා සැලසුම් කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා.
ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ ඊට අදාළව කිසිදු සැලසුමක් නොමැති බවයි.
ඒ අනුව අජිත් පී පෙරේරා මහතා ඊයේ දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී සිදුකළ මෙම ප්‍රකාශය අසත්‍ය බවයි නව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *