You are here
Home > ආසන්න-පුවත් > එජාප ආණ්ඩුවක් පිහිටුවන්න / මන්ත්‍රීවරු අගමැතිගෙන් ඉල්ලයි

එජාප ආණ්ඩුවක් පිහිටුවන්න / මන්ත්‍රීවරු අගමැතිගෙන් ඉල්ලයි

තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ඉතා ඉක්මනින් පිහිටුවන ලෙස එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මෙතෙක් එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් කටයුතු කිරීමට නොහැකි වූයේ තනි ආණ්ඩුවක් නොමැතිකම හේතුවෙන් බවත්, පාක්ෂිකයන් පිළිබඳ සලකා බලා වහාම තනි ආණ්ඩුවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසත් මන්ත්‍රීවරුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සදහන් කළේ.

එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී සාකච්ජාවක් පැවැත්වුණා.

Top